ලක්ෂ 147ක රන් මාල දෙකක් ගුවන්තොටින් පන්නන්න ගිය ඉන්දියානුවා අල්ලයි


රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති  රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලි කරත්තයක සගවා ගෙන , නීතිවිරෝධී ලෙස  කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු 05/09 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි හි වාසය කරන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . ඔහු ගුවන් මගින් රෙදිපිළි , දුරකථන අමතර කොටස් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙකි .

මොහු 05/09 දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සිය ගමන් මලු තබා ගෙන යන ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයෙහි සෙලෝ ටේප් යොදා මෙම මාළ දෙක අලවා සගවා , ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඔහු රැගෙන ආ රන් මාළ දෙක ද සමග කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .



Recommended Articles